Inter-School Commerce Club Competition 2026

University of Kelaniya

Inter-School Commerce Club Competition 2026

වාණිජ ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වයේ 50 වසරක් සමරමින්

කැලණිය විශ්වවිද්‍යාලයේ වාණිජ සංගමය විසින්, වාණිජවේදී උපාධි වැඩසටහනේ 50 වන සංවත්සරයනිමිත්තෙන් 2026 අන්තර් පාසල් වාණිජ සංගම් තරගාවලිය අභිමානයෙන් ඉදිරිපත් කරයි.

මෙම තරගාවලිය මගින් පාසල් සිසුන්ට තම නිර්මාණශීලීත්වය, නවෝත්පාදන හැකියාව, ව්‍යාපාරික දැනුම සහ වෙනස් වෙමින් පවතින වාණිජ ලෝකය පිළිබඳ අවබෝධය ප්‍රදර්ශනය කිරීමට උද්යෝගිමත් අවස්ථාවක් ලබා දේ.පාසල් සිසුන්ට මෙම තරගාවලියට සහභාගී වී තම අදහස්, නිර්මාණශීලීත්වය සහ වාණිජ ක්ෂේත්‍රයේ හැකියාවන් ප්‍රදර්ශනය කිරීමට අපි ආරාධනා කරමු.

සහභාගිවන්නන්ට පහත තරග කාණ්ඩ තුනෙන් තරග කළ හැකිය:

විද්‍යුත් වාණිජ්‍ය අභියෝගය – ප්‍රාදේශීය වශයෙන් පවතින ව්‍යාපාරයක් ඉලෙක්ට්‍රොනික වාණිජ ක්‍ෂේත්‍රයට ගෙන ඒමට යෝජනාවක් සැකසීම

නිර්මාණශීලී අලෙවිකරණ අභියෝගය – “ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත” භාණ්ඩයක්/ සේවාවක් ප්‍රවර්ධනයට ආකර්ෂණීය වීඩියෝ දැන්වීමක් නිර්මාණය කිරීම.

වාණිජයේ පරිණාමය පිළිබඳ වාර්තාමය වැඩසටහන – සාම්ප්‍රදායික වෙළඳාමේ සිට ඩිජිටල් ආර්ථිකය දක්වා වාණිජයේ/ව්‍යාපාරවල ගමන් මග සංෂිප්තව පෙන්වීම.

Contact us for more details

4-Column Contact Cards
නදීෂා දසනායක
කථිකාචාර්ය
0779911391
උපමාලි රත්නායක
සහකාර කථිකාචාර්ය
0705546725
සාරතී රත්නායක
ව්‍යාපෘති කළමනාකාරිනී
0712674855
සොනාල් කේතක
ව්‍යාපෘති සහකාර
0779737324